අනුපුබ්බේන මේධාවී ථෝකථෝකං ඛණේ ඛණේ,
කම්මාරෝ රජතස්සේව නිද්ධමේ මලමත්තනෝ
ධම්මපදය මල වග්ගය, 239 ගාථාව
රන්කරුවා නැවත නැවත තව තවා තළ තළා ක්‍රමයෙන් රන් සකසන්නාක් මෙන්, නුවණැත්තා මඳින් මඳ ක්ෂණයෙන් ක්ෂණය කුසල් කරමින් තමාගේ කෙලෙස් දුරු කරන්නේය.
අනුපුබ්බේන මේධාවී ථෝකථෝකං ඛණේ ඛණේ,
කම්මාරෝ රජතස්සේව නිද්ධමේ මලමත්තනෝ
ධම්මපදය මල වග්ගය, 239 ගාථාව
රන්කරුවා නැවත නැවත තව තවා තළ තළා ක්‍රමයෙන් රන් සකසන්නාක් මෙන්, නුවණැත්තා මඳින් මඳ ක්ෂණයෙන් ක්ෂණය කුසල් කරමින් තමාගේ කෙලෙස් දුරු කරන්නේය.
ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමථෝ සබ්බුපධිපටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං.
මෙය ශාන්තය, මෙය ප්‍රණීතය. එය නම්, සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපධීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරිම, නොඇල්ම නම්වු විරාගය, නැවැත්ම නම්වු නිරෝධය, නිවීම නම්වු නිබ්බානය.
කටුකුරුන්දේ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ මීතිරිගල නිස්සරණ වන සෙනසුනේදී පැවැත්වු ‘නිවන’ දෙශනා මාලාව.
උට්ඨානවතෝ සතිමතෝ
සුචිකම්මස්ස නිසම්මකාරිනෝ
සඤ්ඤතස්ස ච ධම්මජිවිනෝ
අප්පමත්තස්ස යසෝභිවඩ්ඩතී
ධම්මපදය අප්පමාද වග්ගය 24 ගාථාව.
උට්ඨාන වීරියෙන් යුතු, එළඹ සිටි සිහිය ඇති, පිරිසිදු කාය කර්ම සහිත, විමසා බලා කටයුතු කරන, සංවරවු, දැහැමින් ජිවත්වන, අප්‍රමාදි පුද්ගලයාගේ යසස වෙසෙසින් වැඩෙත්.
අතීතං නාන්වාගමෙය්‍ය නප්පටිකංඛේ අනාගතං,
යදතීතං පහීනං තං අප්පත්තඤ්ච අනාගතං.
පච්චුප්පන්නඤ්ච යෝ ධම්මං තත්ථ තත්ථ විපස්සතී,
අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රෑහයේ.
අජ්ජේව කිච්චං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ,
න හි නෝ සංගරං තේන මහාසේනේන මච්චුනා.
එවං විහාරිං ආතාපිං අහොරත්තමතන්දිතං,
තං වේ භද්දේකරත්තෝති සන්තෝ ආචික්ඛතෙ මුනීතී.
අතීතය තන්හා දිට්ඨියෙන් අනුගමනය නොකරන්නේ,
අනාගතය තන්හා දිට්ඨියෙන් නොපතන්නේ,
යමක් අතීතද එය හමාරය, යමක් අනාගතද එය නොපැමිණියේය.
හේතූන්නිසා හටගන්නා ධර්මයන් ඒ ඒ තැන්හීදි විදර්ශන කරයි,
ඥානවන්තයා අසංහීර වු, අසංකුප්ප වු විදර්ශනාව වඩයි.
අද අදම කෙලෙස් තවන වීර්‍ය කළ යුතුය, හෙට මරණය නොපැමිණෙතැයි කාට නම් කිවහැකිද?
මහාසේනා සහිත මරු සමග කිසිවකුට ගිවිසුමක් නැත.
මෙබඳු විහරණයක් ඇති, වීර්‍ය ඇති, අලස නැති පුද්ගලයාට මුනිවරයන් භද්දේකරත්ත යැයි පවසයි.
මජ්ජිම නිකාය – විභංග වග්ගය 3.4.1
අභිවාදනසීලිස්ස නිච්චං වද්ධාපචායිනෝ චත්තරෝ ධම්මා වඩ්ඩන්තී ආයු වණ්ණෝ සුඛං බලං – ධම්මපදය සහස්‍ර වග්ග 109 ගථාව.
සිල්වතුන්ට, ගුණවතුන්ට නිරන්තරයෙන් වන්දනා කරන්නාට ආයුසය, වර්ණය, සැපය, බලය යනාදි ගුණ සතර වැඩෙත්.
සබ්බේ සත්තා සුඛිනෝ වා හොන්තු – සියලු සත්වයෝ සුවපත් වෙත්වා!
සබ්බේ සත්තා ඛේමිනෝ වා හොන්තු – සියලු සත්වයෝ භිය නැත්තෝ වෙත්වා!
සබ්බේ සත්තා සුඛිතත්තා භවන්තු – සියලු සත්වයෝ සුවපත්වු සිත් ඇත්තෝ වෙත්වා!